කොල්ලුපිටියේදී හා කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පක්ෂයේ ක්රියාකාරීන් හතළිස් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය හෙළා දකිමින් කොල්ලුපිටිය මංසන්ධියේදී විරෝධතාවයක් සූදානම් කළ අවස්ථාවේදී පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතාවයක නිරත වූ පක්ෂයේ ප්රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුළු ක්රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
