පෙරටුගාමීන්ට පහරදීම මංගල හෙළා දකියි
කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ඊයේ (09දා) පෙරවරුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද පහරදීමත් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් හෙළා දකින බව හිටපු මන්ත්රී මංගල සමරවීර මහතා පවසයි.
ඊයේ දිනයේ මේ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට පහරදීමක් පමණක් නොව මේ රටේ ප්රජාතන්ත්රවාදයට දරුණු පහර දීමක් බවද මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ පුරවැසියන්ගේ ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නොයුතු බවත් වර්ගවාදයට එරෙහි වීම වගේම සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීම ද පුරවැසි අයිතියක් බවත් ආණ්ඩුවට නැවත නැවත පැහැදිලි කරදිය යුතුව ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

popular news
-
Deepal JNirosh Wednesday, 10 June 2020 03:30 PM
මේ ඊයේ මන්ත්රී දේශපාලනයෙන් සමුගත් මංගල නේ ද? පෙරටුගාමීන්ට පහරදීම තුළින් යළි පණ ගැන්විලා වගෙයි. හැබැයි අපි නම් දැක්කෙ නම් අත් අඩංගුවට ගන්නව විතරයි. කුරුඳු පොලු වලින් පහර දෙනව දැක්කෙ නම් නැහැ.
Reply : 13 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

