පූර්ව බුද්ධි තොරතුරු බලය හිමි ආයතනවලට කඩිනමින් යොමුකළා
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු හා දත්තයන් සෙසු එවැනි වාර්තාවීම් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්රමවේදයම අනුගමනය කරමින් ඊට ක්‍රියාත්මක වීමේ බලය හිමි ආයතනයන් වෙත ඒ ඒ අවස්ථාවේදිම කඩිනමින් යොමුකළ බවද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව (සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර) ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම ඊට අදාළ උපදෙස් හා නියෝගද නිකුත් කළ බවත් හදිසි නිතිය හෝ වෙනත් යම් විශේෂිත නීති තත්ත්වයක් බලාත්මක නොවන පසුබිමකදී එවැනි කටයුතු වල සම්පූර්ණ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට පැවැරෙන බවත් එවැනි පසුබිමකදී පොලීසිය හා නිසි ආයතනයන් මගින් අත්අඩංගුවට ගැනිම් හා පරීක්ෂා කිරීම් වැනි මෙහෙයුම් සිදුකර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ආරක්ෂක අංශවල යම් රාජකාරි ඉටුකිරීම අතපසුවීමක් හෝ වගකීම පැහැර හැරීමක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයද ස්වාධීන පරික්ෂණයක් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
Kumar Friday, 26 April 2019 07:07 AM
ජන්ධ්පතිතුමගේ කමිටුව කරන්න යන්නේ එතුමාගේ නම ආරක්ෂා කිරීමක් පමණි. ඒ පමණක් නොවේ ඒ කමටිවේ සම්ජිකයන්ට අතිවිශාල මුදලක් රජයෙන් ලැබෙන වග කියන්න ඕනෙද. ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වුනා වගේම ආරක්ෂක ඇමති තුමත් ගියොත් තම හරි.
Reply : 0 12
Don Friday, 26 April 2019 07:41 AM
ඒගොල්ලන්ට නැතුව ලංකාවේ ජනමාද්යවලට දැන්වූවානම් කිසිකෙනෙක් මැරෙන්නේ නෑ.තොරතුරු ෆයිල් වල තියාගෙන බුධියගන්න ලේකම්ලාගෙන් රටට වැඩක් නෑ.
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

