ඇමෙරිකාවට හා නැගෙනහිර ආසියාවට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැකගැනීමට ලැබෙන බවත්, එය ග්‍රිනීච් වේලාවෙන් 8.00 ආරම්භ වී 10.25ට පූර්ණත්වයට පත්වන බවත් පැවසෙයි.
මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වන අතර මෙහි ආරම්භය මෙරට වේලාවෙන් දහවල් කාලයේදී සිදුවන අතර, අවසානය පස්වරු 7.00 ට සිදුවනු ඇති බවත්, දහවල් කාලයේදී ග්රහණයෙන් වැඩි කොටසක් සිදුවන බැවින් මෙය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් බවත් කියැවෙයි.
මෙම අවස්ථාවේදී චන්ද්‍රයා තැඹිලි හෝ රතු වර්ණයෙන් බැබලෙනු ඇති බවත්, එම අවස්ථාව Blood Moon යනුවෙන් හැඳින්වෙන බී.බී.සීය පවසයි.
උතුරු ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බටහිර හා දකුණු ඇමෙරිකාවේ ඇතැම් කොටස් සහ නැගෙනහිර ආසියාව ආශ්රිත තාරකා නිරීක්ෂකයන් මෙය නැරඹීමට සූදානමින් සිටින බවද බි.බී.සී.ය කියයි.
එහිදී, හොංකො අභ්‍යවකාශ කෞතාකාගාරය විසින් මෙය පහසුවෙන් නැරඹිය හැකි ස්ථානයක් විවෘත කර ඇති අතර, ජපානයේ ටෝකියෝ නගරයේ වරාය ආශ්‍රිතවද එවැනි ස්ථානයක් වෙන්කර ඇති බව කියැවෙයි.