වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා බස් රථයක් අද (30දා) එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පුලියන්කුලම හින්දු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු පිරිසකි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක අදාළ ත්‍රිරෝද රථය ගැටී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ සිසුන් 12 දෙනෙකු ගමන් කොට ඇති අතර, රියදුරු සමඟ 13 දෙනෙකු එහි ගමන්කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
