නීතිවිරෝධී අයුරුන් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ (09) දින මීරිගම ස්ථාන දෙකක බලපත්‍ර නොමැතිව, නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබු එම පුපුරණ ද්‍රව්‍ය සමග 39 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ කරුණු ඉදිරිපත් කර එම පුපුරණ ද්‍රව්‍ය ලබාගෙන වෙනත් පාර්ශවයන්ට මුදලට අලෙවි කරන බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර, ග්‍රෑම් 130කට ආසන්න වොටර් ජෙල් කූරු 81ක්, ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ ග්‍රෑම් 75ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107ක් හා සේවා නූල් මීටර් 360ක් ද වන බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මීරිගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.