විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව මීරිගම පොලිස් වසමේ ස්ථානයක බලපත්‍ර නොමැතිව, නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධව මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සහ බුද්ධි තොරතුරු අනුව සැකකරු නීති විරෝධීව පුපුරන ද්‍රව්‍ය ව්‍යාජ කරුණු දක්වා ලබාගෙන ගබඩා කර වෙනත් පාර්ශවයන්ට මුදලට අලෙවි කිරීම සිදුකරන බවට අනාවරණය විය. එම අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර ග්රෑමි 130 ට ආසන්න බරින් යුත් වෝටර් ජෙල් කූරු 81 ක්, ඇමෝනියා නයිටිට්රෙිටි කිලෝ ග්රෑමි 75 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107 ක් හා සේවා නූල් මීටර් 360 ක ප්‍රමාණයක් විය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීරිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
