පුද්ගල ඝාතනයකට අවුරුදු 26ට පසු මරණ දඬුවම
වගාව හා ව්‍යාපාර සම්බන්ධයෙන් අසල්වැසි නිවැසියන් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් අසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කොට, ඔහුගේ බිරිඳට පිහියෙන් ඇන බරපතළ තුවාල කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එක් පුද්ගලයෙකුට වසර 7 1/2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (17දා)නියම කළේය.
මීට වසර 26කට ඉහතදී පන්නිපිටිය ප්‍රදේශයේදී විත්තිකරුවන් තිදෙනෙකු මෙම මිනීමැරීමේ අපරාධය සිදුකොට ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔවුන් තිදෙනාට මරණ දඬුවම නියම කළ විනිසුරුවරයා එක් පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ අසංක කුමාර් නමැති විත්තිකරුට මෙලෙස සිරදඬුවම් නියම කළේය.
චෝදනාවලට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම වූයේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ප්‍රදීප් ප්‍රේමචන්ද්‍ර, සුදත් කුමාර සහ සුමිත් ශ්‍රීලාල් නමැත්තන්ටය.
මෙම විත්තිකරුවන් සමගම චෝදනා ලැබ සිටි සංජීව අබේරත්න නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
1996 නොවැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පන්නිපිටිය ප්‍රදේශයේදී සුසන්ත පෙරේරා නමැත්තාට පිහියෙන් ඇන ඔහුගේ මරණය සිදුකළ බවට හා ඒ අවස්ථාවේදී මානෙල් පෙරේරා නමැත්තියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

popular news
-
Champa Tuesday, 17 July 2018 05:09 PM
යකාගේ වැඩක්නේ. මිනීමරුමක නඩු තීන්දුවක් දෙන්න අවුරුදු 26ක් යනව. ඉඩම් නඩුවක තීන්දුව හම්බවෙන්නේ ඊළඟ පරම්පරාවට. විශේෂ මහාධිකරණ පිහිටුවන්න ඕනේ මේ වගේ ගොඩ ගැහිලා අර්ධ ශතක ගහන නඩු ඉක්මන් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

