අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම ප්රදේශයේ මාර්ග දෙකකට බාධා මතුව ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙලෙස ජලයෙන් යටව ඇත්තේ පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්රදේශයයි.
එමෙන්ම පුත්තලම සිට කුරුණෑගල මාර්ගය අරලිය උයන, දෙකේ කණුව හා තම්බපණ්නි යන ප්රදේශවල මාර්ගත් ජලයෙන් යටව ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.