පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය දහවල් 12.30 වනවිට 35% ඉක්මවූ බව පුත්තලම තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් =වරයා මේ බව පවසා සිටියේ මහ මැතිවරණයේ ජන්ද විමසිම සිදුවන ජන්ද මධ්‍යස්ථාන වල නිරික්ෂණයට එක්වි සිටියදීය .
දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ මේ වනවිට දිස්ත්‍රික්කය පුරා කිසිදු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැති බවත්, මැතිවරණය සාමකාමි ආකාරයෙන් පැවැත්වීම සදහා මේ වන විට පොලීසිය යොදවා ඇති බවයි.
හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ පොලිස් නිලධාරින්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය ද නගර ආරක්ෂාව සදහා යොදවා ඇති බවය.
