පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනිමට ක්‍රියා නොකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති ඇප ඇයැදුම් දෙක දෙසැම්බර් 17 වැනිදා කැඳවිමට කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.
හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරුවරු මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන්ට එදින අධිකරණයේ පෙනි සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කළේය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා හමුවටද අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවටද වෙන වෙනම ඉදිරිපත් කොට ඇති ඇප ඇයැදුම් දෙක සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.
හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටින වැඩබලන පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයාට, එහි වානිජ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එලෙස නොතිසි නිකුත් කෙරිණි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනිමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කරමින් සැකකරුවන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.
ඒ අනුව රිමාන්ඞ් භාරයට පත් කොට සිටින සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් සැකකරුවන් විසින් වෙන වෙනම ඇප ඇයැදුම් පත් දෙකක් ඉදිරිපත් කොට ඇත.
එම ඇප ඇයැදුම්පත් සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරු මෙම ඇප ඇයැදුම්පත් ලබන මස 17 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.
