ඔක්තෝබර් මස 21 වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගනිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා කෘත්‍යාධිකාරීන් වහන්සේලාගේ අභිමතය පරිදි මෙම තීරණය ගෙන තිබේ.