පිරිමි දරුවෙකු අපයෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චීවරධාරියා අත්අඩංගුවට
දසහැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව පැවසෙන චීවරධාරියෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය පවසයි.
ගම්පහ දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙසද කටයුතු කළ අපරැක්කේ පුඥ්ඥානන්ද නම් චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
අදාළ දරුවා පැවිදි වීම සඳහා සැකකාර චීවරධාරියාගේ විහාරස්ථානයේ සතියක පමණ කාලයක් නතරව සිට ඇති අතර, එහිදී සැකකාර චීවරධාරියා විසින් දරුවා අපයෝජනය කිරීමෙන් පසු ඔහු සිය නිවසට ගොස් ඇත.
සිද්ධිය පිළිබඳ අදාළ දරුවා දෙමවුපියන්ට කරුණු හෙළි කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් මීරීගම පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දරුවා මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගම්පහ දිස්ත්රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
මීරිගම කාන්ති

popular news
-
Champa Tuesday, 17 July 2018 06:40 PM
කියවන්නත් කැමති නැහැ මම මේ වගේ ඒවා. දෙන්න ඕනේ උපරිම දඬුවමටත් වඩා වැඩි දඬුවමක්. පොඩි දරුවන්ට මේ වගේ අපරාද කලහම ඒ දරුවාගේ මුළු ජීවිතේම ඉවරයි. ජීවිත කාලෙටම බලපානවා. ප්රශ්නේ තියෙන්නේ නීතියේ. නීතිය ලිහිල්. සල්ලි තියෙනව නම් ලොකු නීතිඥයෙක් අල්ල ගෙන ඕනේ අපරාධයක් කරලා බේරෙන්න පුළුවන්. කාන්තාවන්ට දරුවන්ට අතවර කරපු තිරිසන්නුන්ට ඇප දීල ගෙදර යවනවා. නීතිය තද කරන්න කොන්දක් නැහැ. අපරාධකාරයන්ට රිංගල යන්න පුළුවන් නීතියේ හිල් වහල දාන්න කොන්දක් නැහැ. ලකුණු වැටෙන්න කියලා එල්ලුම් ගස් ගෙන්න හැදුවට මොකොද.
Reply : 0 0
Don Tuesday, 17 July 2018 08:42 PM
If this abuse is done by any of Muslim , Christian or catholic clergy all the So -called Patriots and Buddhists would turn the country into blood -bath and chaos
Reply : 20 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

