පැරකුම්බා රජු අවු. 800කට පෙර ජීවත්වීම එතුමාගේ වාසනාවක් - රනිල්
ශ්‍රී ලාංකේය ආර්ථිකය නගාසිටුවීමේදී පළමුවෙනි පරාක්‍රමබාහු රජුගේ ආදර්ශය ගැනීම වැදගත් බවත් එතුමා එදා ගෙන ගිය එම ප්‍රතිපත්ති අද ක්‍රියාත්මක කළේ නම් ඊටද අකුල් හෙළීමට සමහරුන් ක්‍රියාකිරීම නෙවැළැක්විය හැකි බවත් මීට වසර 800 පෙර රාජ්‍ය කිරීම එතුමාගේ වාසනාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ 06 වැනි වාර්ෂික සමුළුවට පසුගියදා (26දා) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“පළමු වන පරාක්‍රමබාහු රජතුමා මීට වසර 800 ඉහත දී ඉතා සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට වාසනාවන්ත වුණා. නමුත් එතුමා එදා ගෙන ගිය ප්‍රතිපත්තිය අද අනුගමනය කළා නම්, "අපේ ව්‍යාපාර විනාශ කරන්නේ ඇයි, අපිට පිටරට වෙළදාම් කරන්න අවස්ථාව නැත්තේ ඇයි” යනුවෙන් එතුමාගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසීමට ඉඩ තිබෙනවා. එතුමා, මීට වසර 800 කට ඉහත දී ජීවත්වීම එතුමාගේ වාසනාවක්.
ඔබට ඔබ ගැන ආත්ම විශ්වාසයක් තිබෙනවා නම් ශ්‍රී ලංකාවට පැමිණෙන කර්මාන්ත සමග පවා තරග කිරීමට ඔබට පුළුවන් වෙනවා. එයයි අපේ ශක්තිය. පළමු වැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදීත් අප සතුවූ ශක්තිය එයයි. අප සතු හැකියාව සහ සාමාර්ථය වෙන්නේත් ඒ ශක්තියමයි.
ශ්‍රී ලංකේය පෞද්ගලික ව්‍යවසාය කඩා වැටෙනවා දැකීමට අපි කවුරුත් කැමති නැහැ. අපේ රටේ කර්මාන්ත වැසී ගොස්, රැකියා අවස්ථා අහිමි වෙනවා දැකීමට දේශපාලනඥයන් වශයෙන් අපි සතුටු නැහැ. තරගයට අවතීර්ණ වෙන්න ඔබට පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔබට වර්ධනය වෙන්නත් පුළුවන්. ඔබට ලැබී තිබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. දැනට තිබෙන වටපිටාව ඔබට හොඳටම වාසි සහගතයි. අපි ජීවත් වෙන්නේ නැගෙනහිර ආසියානු කලාපයේ. නැගෙනහිර ආසියාව යනු මීළඟ දශක දෙක තුන තුළ වර්ධනය වන විශාලතම වෙළෙඳ පොළක්. එම වර්ධනය, ජනගහනය අතින් වගේම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතින්ද සිදුවන වර්ධනයක්. අප අවතීර්ණ විය යුත්තේ එම වෙළෙඳ පොළටයි“ යැයි පැවසීය.

popular news
-
rocky Sunday, 01 July 2018 03:34 PM
අගමැති තුමා කිවුවා වුනත් ඒ කතාවේ ලොකු ඇත්තක් තියනවා. අපේ මේ ඔරිජිනල් සිංහයා ලකුණ දරන සමහර බවුද්ධයෝ දන්නේ නැති වුනාට පරාක්‍රමබාහු රජතුමා ඔරිජිනල් සිංහලයෙක් නොවෙයි. මහා විජයබාහු රජතුමාගේ නැගණිය - මෙත්තා - විවාහවුනේ ඉන්දියන් පාන්ඩිය කුමාරයෙකු එක්කයි. ඒ දෙන්නගේ පුතෙක් වුන මානාභාරනගේ පුත්‍රයා තමයි, පරාක්‍රමබාහු - ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ එන ශ්‍රේෂ්ටතම රජතුමාට පිරිසිදු හෙළ උරුමයක් නැහැ! අද කාලේ එතුමා හිටියා නම් .. මොන බේරිල්ලක්ද, විශේෂයෙන්ම ගම්මන්පිල මහත්තයගෙන් එහෙම?
Reply : 2 0
සෙනෙවි Sunday, 01 July 2018 06:29 PM
පැරකුම්බා රජ්ජුරුවො කුඹුරු ඉඩම් ගොඩ කලා කියල මෙයා එක කාලෙකදි කුඹුරු වනසන්න ගිහින් ඡන්දෙන් පරාද උනා මතකයි
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

