පැය 12 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන පහක් වාර්තා වන බවත් එවැනි සිදුවීම් වල වර්ධනය වීමක් දක්නට ලැබීම කනගාටුවට කරුණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාව වෙනුවෙන් අපරාධවලින් තොර රටක් අවශ්‍ය බවත් ඔහු පවසයි.