පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස් ස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබූ තවත් අසම්පුර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (07දා) යවන ලදී.
පාස්කු ප්‍රහාරයට අදාළව මීට පෙර අවස්ථාවකදීත් අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ආපසු හරවා යවන ලද අතර මේ අනුව පාස්කු ප්‍රහාරයට අදාළව රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් සිදුකළ විමර්ශන වලට අදාළ අසම්පුර්ණ විමර්ශන ගොනු 78ක් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු හරවා යවා ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.
එසේම එම අසම්පුර්ණ විමර්ශන ගොනු නොපමාව හරියාකාරව සිදුකර උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් දුන් බවද පැවසුවාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන උධෘත ගොනු නීතීපති උපදෙස් සඳහා විවිධ පොලිස් ස්ථාන වලින් නීතීපති දෙපාර්තමෙන්තුට ලැබී ඇති බවත් එම විමර්ශන ගොනු වලින් බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කොට ඇති බව සඳහන් කොට තිබුණත් විමර්ශන අසම්පුර්ණ හා කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ ගොනු බව පෙනී ගොස් ඇති බවත් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.
