පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 237ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පුද්ගලයන් 26ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් 8 දෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් තවත් 5ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු පැවැසීය.
මීට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුද්ගලයන් 37ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් තවත් 35ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිස් අධිකාරීවරයා පැවැසීය.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් පුද්ගලයන් 63ක් රඳවාගෙන ඇති බවත් 16ක් රිමාන්ඩ් බන්ධනාගර ගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් නීතිපති උපදෙස් අනුව ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති බවද ඔහු අණාවරණය කළේය.
