පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබු පිරිස් අතරින් 39 දෙනෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරිමට සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වියදම් කිරිමට අවශ්‍ය බව අගරදගුරු කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පවසා ඇත.
ඒ අනුව ඒ පිළිබද සිය අවධානය කඩිනමින් යොමු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල හරහා එම රෝහලේ අධ්යක්ෂතුමා ඇතුලු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පූර්ණ අධීක්ෂණයෙන් එම රෝගීන් 39 දෙනාට සහ තවත් අවශ්‍යතා ඇති අය වෙතොත් ඔවුන් සදහා සිදු කළ යුතු විශේෂ ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු යෙදීමට පියවර ගෙන ඇත.
එමෙන්ම එම රෝගීන්ගේ ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සිදු කිරීමට අදාලව වන සියලු වියදම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වැය කිරීමට ද තීරණය කොට ඇත.
ඒ පිළිබදව අගරදගුරුතුමන් දැනුවත් කිරිමට සහ ප්‍රතිකාර සේවාවන්ට අදාලව ගත යුතු ඉදිරි පියවර පිළිබදව අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (16) කොළඹ අගරදගුරු මැදුරේ දී උන්වහන්සේ බැහැදකින ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජයවර්ධනපුර රෝහලේ සභාපති මහාචාර්ය එච්.ඩී. ජයරත්න, ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ, අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ද එක්ව සිටියහ.
