පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි
පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කරයි.
නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
නිල ඇදුම් රෙදි, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ යටතේ ලියා පදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව සපයා ගැනීමටද තීරණය කර තිබේ.
මේ සඳහා රුපියල් කෝටි 210 ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

popular news
-
Champa Wednesday, 10 June 2020 08:49 PM
හොඳ තීරණයක්! හැබැයි දෙසැම්බර් නිවාඩුවට ඉස්සෙල්ල නිල ඇඳුම් රෙදි ටික දෙන්නේ නැතුව ඊළඟ අවුරුද්දේ ඉස්කෝල පටන් ගත්තහම දුන්නට වැඩක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

