පාසල් සිසුන්ට ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය
පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ඉතා ඉක්මනින් පාසල් පද්ධතියට ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකදී අද (25දා) ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
ලංකාපුත්‍ර Wednesday, 26 June 2019 06:28 AM
ජාතික යන්නට විරුද්ධ පදය විජාතික විය යුතුයි කියලයි හිතෙන්නෙ.එහෙමනම් මේරටෙි සිටින වැඩි සිසුන් පිරිසක් විජාතිකයන් වෙනවා.(කොළඹට කිරි ගමට කැකිරි ප්‍රථිපත්තිය නැවත මතුවෙලා වගේ ජාතික පාසැල් ගමේ නැහැනේ) මෙයින් අදහසක් මතුවෙනවා පළාත්සභා කියන්නෙ වෙනම රටවල් කියල.වහාම රට බෙදපු පළාත්සභා අහෝසිකරවමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

