පාවෙන වෙළඳ සංකීර්ණයේ කඩ 90ක් වැසිලා
අප්‍රේල් හා දෙසැම්බර් උත්සව සමයේ විශාල වශයෙන් වෙළඳාම සිදුවන කාලය වුවත් කොළඹ තොග වෙළඳාම මේ වන විට 10% දක්වා පහත වැටී ඇති බවත් කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිත පවසති.
ඒ හේතුවෙන් තම තම සේවකයින්ට පඩි ගෙවා ගැනීමට මෙන්ම කඩ කුලී ගෙවා ගැනීමට නොහැකි තත්වයට පත්වී ඇති බවත් ඔවුන් සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවැති හමුවකදීය.
එසේම මේ වන විට නිමි ඇඳුම් හා තොග වෙළඳාම කඩා වැටී ඇති බවත් කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ කඩ 110 න් 90 ක් පමණ වැසී ඇති බවන් ඔවුන් මෙහිදී පැවසීය.
තමන් ව්‍යාපාර සඳහා ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයක් ඇති වී ඇති බැවින් එම ණය ගෙවා ගැනීමට සහන වැඩපිළිවෙක අවශ්‍යතාවය පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තම කාලයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමත් සමග ජනතාව අතරට මුදල් ගලා නොගිය බවත් මේ හේතුවෙන් ව්‍යාපාරිකයන් අතට මුදල් ගලා නොආ බත්ය.

popular news
-
chithrananda Wednesday, 10 April 2019 05:13 AM
ඔය පාවෙන කඩ කියන අසාර්ථක ව්‍යාපෘතිය නිර්මාණය විපක්ෂ නායකතුමාගේ මල්ලිගේ නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

