පාලනාධිකාරියේ තහනම් නියෝගය නොසලකා යාපන සරසවි සිසුහු මහවිරු සමරති
යුද සමයේදි මියගිය මහවිරුවන් සිහිපත් කොට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු සැමරිමක් සිදු නොකරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසලකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) උදෑසන සරසවිය තුළ මහවිරු සැමරුමක් සිදු කොට ඇත.
යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි යුද්දයෙන් මියගිය අය වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාරකය ඉදිරිපිටදී මෙම මහවිරු සැමරුම් සිදු කොට ඇති අතර ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන් 50ක් පමණ දෙනා සහභාගී වී මහවිරුවන් සමරා පුෂ්පෝපහාර දක්වා ඇත.
කෙසේ වෙතත් ඊයේ දින යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ 26, 27 හා 28 දිනයන්හි විශ්ව විද්‍යාල භූමිය තුළ මහවිරුවන් සැමරීමට කිසිදු සිසුවෙකුට ඇතුල්විය නොහැකි බවටත් එසේ ඇතුල් වී සැමරුම් සිදු කරන සිසුන් හට විනයානුකූල පරික්ෂණයක් සිදු කරනු බවටත්ය.
කෙසේ වෙතත් අද දින එම තහනම නොසලකා හරිමින් සිසුන් පිරිසක් සරසවියේ ස්මාරකය ඉදිරිපිට මෙසේ මහවිරු සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙලෙසින් යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට මහවිරු සැමරුමක් තහනම් කරනු ලැබුවේ පළමු වතාවට වීමද විශේෂත්වයකි.
පසුගිය මහවිරු සැමරුම් දිනයන්හි යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ කාර්යාල තුළ තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ පෝස්ටර් තිබි සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීමද සිදු විය.



popular news
-
Champa Wednesday, 27 November 2019 03:19 PM
හොඳයි වැඩේ. රාජපක්ෂ ආණ්ඩුවට වඩා කොන්දක් වහල් ආණ්ඩුවට තිබ්බ මේ මහවිරු සමරුව නවත්තන්න. පහනක් පත්තු කළා කියල අපි වහල් ආණ්ඩුවට කැහගැහව්ව. හැබැයි රාජපක්ෂ ආණ්ඩුව මහවිරු සමරුව ඉහලින්ම සමරන්න දුන්න. ආණ්ඩුවේ මන්ත්‍රීවරු දැන් හූම් සද්දක් නැහැ.
Reply : 0 0
ජීවන් Thursday, 28 November 2019 10:38 AM
මේ ආණ්ඩුව යහපාලුවන්ටත් අන්තය් වගේ. කොන්දක් ඇත්තෙම නැද්ද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

