වර්තමාන පාර්ලිමේන්තුවට වසර තුනක් සපිරෙන මේ වසරේ අගෝස්තු 17 වැනිදාට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්රීවරු සූදානමින් සිටිති.
ඊයේ (10) සවස පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධව සාකච්ඡා කර තිබේ.
ආණ්ඩුවේ ගමන තීරණය කරන ප්රධාන සිදුවීමක් ලෙස මෙම උද්ඝෝෂණය සැලකිය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරයෙකු පැවසීය.
2015 අගෝස්තු 17 වැනිදා පත් වූ යහපාලන ආණ්ඩුව රටේ ජනතාව අමතක කිරීම සම්බන්ධව සමාජයේ තිබෙන විරෝධය එහිදී ප්රකාශයට පත් කරන බවද එම මන්ත්රීවරයා පවසා සිටියේය.
