පාන් ගන්නවා වගේ එන්නත් ගන්න බෑ - නාමල්
කඩයකට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කොවිඩ් එන්නත් ලබා ගැනිමට නොහැකි බව ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා අද (10දා) ඉමදුව හවුපේ දී පැවසිය.
යෞවන සමාජ සම්මේලනයේ මෙහෙයවිමෙන් කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන සඳහා ඇඳන් දසදහසක් නිර්මාණය කිරිමේ වැඩසටහන යටතේ ඉමදුව හවුපේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඇඳන් සැදිමේ කටයුතු නිරික්ෂණය කිරිමෙන් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය
“කොවිඩ් එන්නත් ලබාදිම සඳහා ප්‍රමුඛතාවය ලබා දුන්නේ අද නෙවෙයි. මීට මාසයකට පමණ පෙර තමයි කැබිනට් මණ්ඩලය මගින් කොවිඩ් එන්නත් මිලියන 13ක් මිලදි ගැනිම සඳහා මුදල් අනුමත කළේ.
විපක්ෂනායකතුමා හිතන විදියට කඩයකට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කොවිඩ් එන්නත් ලබා ගන්න බැහැ. අනුමත කරලා තියෙන එන්නත් 03 මේ වනවිට එන්නත කිරිම ආරම්භ කරලා තියෙනවා. ඉදිරි එන්නත් සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් තියෙන්නේ අදාළ රටවල් සමග සාකච්ඡා කරලා එන්නත් ටික ලබාගැනිම.
ඉතාම කඩිනමින් එන්නත් ලබාදිය යුතු සියලු දෙනාට අපි එන්නත් ලබා දෙනවා පමණක් නෙවෙයි. මේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරිමේ වැඩපිළිවෙළත් අපි ක්‍රියාත්ම කරනවා. සමහරු බලාගෙන ඉන්නේ මේ සියලු දේ වසා දමලා මිනිසුන්ට ඔහේ එන්න දෙන්න කියලා. ගතයුතු තින්දු අපි ගන්නවා. සෞඛ්‍ය බලධාරින් විසින් තිරණය කළහොත් යම්කිසි ප්‍රදේශයක් වහන්න කියලා අපි ඒ තිරණයට යනවා.
කොරෝනා වසංගතයෙන් පසු ආර්ථිකය ගොඩනගන්න ඕන වැඩපිළිවෙළ අපි හදලා තියෙනවා. සැලැස්මක් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ එන්නත්කරණය පිළිබද අපිට කිසිදු ගැටළුවක් නැහැ. මේක ලෝක ආර්බුදයක්. ඉන්දියාවට වු දෙය අපි දන්නවා. ඉන්දියාවෙන් තමයි එන්නත් දෙන්න හිටියේ. ඉදිරි කාලය තුළ ඉතා වේගයෙන් එන්නත්කරණය අවසන් කරන්න පුළුවන්”

popular news
- 
                            
Gamage Monday, 10 May 2021 05:43 PM
Peni ganna berida
Reply : 0 0
Demuni Uduwara Tuesday, 11 May 2021 02:22 AM
No money; that's why no vaccine. Don't mislead the people.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                