පාතාලය රජයට තර්ජනයක් බවත් පසුගිය රජය සමයේ එහි වර්ධනයක් සිදු වූ බවත් සංචාරක සංවර්ධන ඉඩම් හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (02දා) වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “පසුගිය ආණ්ඩුව කාලයේ පාතාලය වර්ධනය වුණා. මේ රජය ආවට පස්සේ ක්‍රමක්‍රමයෙන් පාලනය කරගෙන යනවා. දැන් පසුගිය දවස්වල පාතාලය සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. පොලීසියත් අතෑරියේ නැහැ වෙඩි තියලා මරලා දැම්මා. පාතාලය රජයට තර්ජනයක්. මෙයට පසුගිය රජය වගකියන්න ඕනෑ.
මේ ඔක්කොම මුල කුඩු ජාවාරම. තරුණයෝ එයට ඇබිබැහිවෙලා අවි අරගෙන මිනී මරන්න මංකොල්ල කන්න පටන් ගෙන තියෙනවා. මම රජයට කියන්නේ ඔක්කොටම ඉස්සෙල්ලා මේ කුඩු ජාවාරම ප්‍රවර්ධනය කරන එක නතර කරන්න ඕනෑ
අපේ පළාත්වල විවිධ ආකාරයෙන් මේ කුඩු එනවා. සීනි බෝල හැටියට, ටොෆි - චෝකලටට් හැටියට එනවා. මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් මේක. ආරක්ෂක අංශ මේවා නතර කරන්න උත්සාහ ගන්නවා. ඒත් වර්ධනය වෙනවා වැඩියි . මෙය මර්දනය කරන්න කි‍්‍රයාත්මක වෙන්න ඕන. එතකොට පාතාල කි‍්‍රයාත් අඩුවෙයි“ යැයි පැවසීය.

මාතර - මහේෂ් මලවර ආරච්චි