ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ගාල්ලේ පැවති උත්සවයකට සහභාගි වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
“මේ පාතාල සිද්ධීන් ඉස්මතු වීම මේ දිනවල බහුලව සිද්ධ වෙනවා. ඒක අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. මේක අනිවාර්යෙන්ම මර්දනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතා කඩිනමින් සිදුකළ යුතුයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.
අපි කතාවට කියනවා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. ඒ වගේ දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕනි. දැන් ඝාතන කරන අය අත්අඩංගුවට ගෙන මාස 6න් ඇප ලැබිලා එළියට ඇවිත් ආයෙත් ඝාතන කරනවා. ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලබපු අය ඇතුළේ ඉඳන් පාතාල කණ්ඩායම් මෙහෙයවනවා. අද බන්ධනාගාරයේ ඇතුළේ තියෙන තත්ත්වේ ඒක. මේවා පිරිසිදු කරලා අපි නීතියක් ඇති රටක් බවට මේ රට පත්කරන්න ඕනි“ යැයි වැඩිදුරටත් පැවසීය.
