පාඨලීගෙන් ජාතික මග
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මග නැමැති සංවිධානයක ආරම්භ කර තිබේ.
මෙම සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක්ද පැවැත්වූ අතර එහිදි රට රකින රට හදන තේමාව යටතේ ඉදිරියේදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමක්ද කළේය.
"ජාතික මග නමැති මේ ආයතනය කිසිම දේශපාලන පක්ෂයක් නෙමෙයි. මැතිවරණ තරඟ කිරීමේ අදහසක් මෙහි නැහැ. නමුත් මේ රට ඉතාමත්ම අඳුරු අවස්ථාවකට පත්ව තිබෙන මේ අවස්ථාවේදී දේශපාලන භේදයකින් තොරව ඒ වගේම සියළුම සමාජ කණ්ඩායම් එකට එකතු කරගෙන මේ අර්බුදය අප විසින් ජයගත යුතුයි කියන හැඟිමෙන් වෘත්තීයවේදී පිරිස් ඒ වගේම පසුගිය කාලය පුරාම මේ පිළිබඳව සංවාදශීලි වූ පිරිස් ආරක්ෂක අංශවල නීති ක්ෂෙත්රවල ඒ වගේම සමාජ කි‍්‍රයාකාරී ක්ෂෙත්රවල හිටපු සෑම ජන කණ්ඩායමකට අයිති පිරිස් අපි මේ වේදිකාවට ආරාධනා කර තිබෙනවා'ඉදිරිය බලා යන්න.
විශේෂයෙන්ම අපේ ඉල්ලීම දේශපාලන බේදයෙන් තොරව ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා මේ සියළුම දෙනා එක වේදිකාවක, එක ආයතනයකට ඉඳගෙන ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහිල්ලා එක ප්රතිපත්තියක හිඳගෙන මේ කි‍්‍රයාදාමයට සම්බන්ධ විය යුතුයි කියන අදහසේ ඉඳගෙන තමයි අපි කටයුතු කරන්නේ. එතනදී අපේ පක්ෂය හෝ අපේ ආණ්ඩුවේ කි‍්‍රයාදාමයේ ප්‍රතිපත්ති අපි ගාව තියා ගන්න අතරේ අපි ඒ සියල්ලට ඉහළින් ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයේදී ඒ ප්‍රතිවිරුද්ධ අදහස් දරණ ආණ්ඩුවේ නොවන අය මේ ප්‍රශ්නයට වැඩකරන්න සූදානම් බව ප්‍රකාශ කරමින් තමයි අපි මේ ආයතනයට එකතු වෙන්නේ.
ඡායාරූප ඉසුරු පෙරේරා




.
popular news
-
එම්. ඒ. ජේ. Thursday, 02 May 2019 05:28 PM
මේ විකාර නෙවෙයි ගරු ඇමතිතුමා මේ වෙලාවේ රට අවශ්‍ය. රට ආරක්ෂා කරන ජාතික සැලැස්මක්. ඔබ තුමාලා ජාතික මගේ නොගියට රටේ බහුතර සිංහල මිනිස්සු ජාතික මගේ යනවා, ඒ නිසා තමයි රට මේ විදියට හරි ඉතිරි වෙලා තියෙන්නේ. ඔබතුමාට කරන්න පුලුවන් දෙයක් තමයි තම අමාත්‍යාංශයට පැවරුන රාජකාරිය වඩා හොඳන් කරන එක. අනිත් මැති-ඇමති වරුන්ගෙනුත් එසේ කරන ලෙස ඉලන්න. එතකොට රට ජාතික මගට එයි. "දේශපාලනයෙන්" අඩියක් හෝ ඉදිරියට ඇවිත් "නායකත්වය" ගන්න උත්සාහ කරන්න. රට විපතක් වුනාම තමයි හැමෝටම ජාතියයි-විජාතියයි මතක් වෙන්නේ. රටේ තියෙන ප්රශ්නය තමයි ඇමැතිතුමා රටේ සියලුම බලය සහ තනතුරු බදාගෙන ඉන්නේ ඒවාට කිසිම සුදුසුකමක් නැති මිනිස්සු.
Reply : 0 4
Sin Thursday, 02 May 2019 06:11 PM
Mokada thambinge assemith kasada pramanaya seema karanna bari.
Reply : 0 1
sampath Jayaweera Thursday, 02 May 2019 09:37 PM
මේ වගේ කොච්චර සංවිදාන ලංකාවේ තිබුන ද , කොච්චර තියෙනවද, මේවා වලට කිසිම බලයක නැතිවෙනවා මහා මැතිවරණය පරාජය උන් හැටියේ, කෝ නාමල්ගේ බලකාය, කෝ රනිල්ගේ බලකාය, මේවට වෙච්ච දෙයක් නැහැ, කරනවා නම කරන්න ඕනේ තරම් වැඩ තියෙනවා , බොරුවට සහා තවදුරටත් ජනතාව ගොනාට අන්දන්න මගක් තමයි මේක, අනික චම්පික කියන්නේ වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ද , මහා මාර්ග සුද්ද කරන්න, පරණ බිල්ඩින් වලට පාට ගාන්නන් නම් හොදයි, එනකොට අවේ බයිසිකලයෙන් , අද වාහන 7-8 ගණනක් තියෙන දේශපාලුවෝ, මහා බැංකුව කොල්ල කව, කෝ වචනයක් කතා කලද, මොකද උන්ප් එකේ නේ මේ දවස් වල, විපක්ෂයේ හිටිය නම් , අර්ජුනව හිරේ දන්නා පිකටකින් කරවී , අද කිසිම සද්දයක් නැතුව බලාගෙන ඉන්නවා
Reply : 0 1
කපිල Thursday, 02 May 2019 11:31 PM
අන්තවාදී උන්ප් එකෙන් එලියට ඇවිල්ල ඕක පටන් ගත්තානම් නේද හරි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

