ප්රහාරකයන්ගේ නම් අවුරුදුු කිහිපයකට ෙපෙර ඉදිරිපත් වුණා
පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කරමින් ජීවිතක්ෂයට පත්වූ ත්රස්තයින්ගේ නම් අවුරුදු කිහිපයකට පෙර සිට පවා ආරක්ෂක අංශ දැනුවත්ව සිටි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කෙසේ වෙතත් ඔවුන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී නොතිබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“යම්කිසි ත්‍රස්තවාදී සංවිධායකට අනියුක්තව සුළු පිරිසක් ක්‍රියාත්මක බවට බුද්ධි අංශ දැනගෙන හිටියා. මේ මියගිය අයගේ නම් බුද්ධි අංශ මිට අවුරුදු කිහිපයට පෙර සිට ඉදිරිපත් වුණා.
ඒ අයි.එස්. සංවිධානයද කියලා පැහැදිලි වුණේ නෑ. ඔවුන් ළඟ බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට තොරතුරු ලැබුණේ නෑ.
අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු තිබුණේ නෑ. නමුත් ඉරාකයට යනවා. නීතිය ඉදිරියට ගෙනිහිල්ලා ඔප්පු කරන්න කරුණු තිබුණේ නෑ.
කරුණු නැතිව අත්අඩංගුවට ගත්තොත් මේ රටේ තිබෙන මානව හිමිකම් එක්ක ඒෆ් ආර් එකක් යන්න පුළුවන් මේ අය රඳවාගෙන තිබෙනවා කියලා. අපි මේ ගැන කථා කළා.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

