වෛද්‍ය සභාවේ සභාපති ධුරය දරන කාලයේදී හිටපු සභාපති කොල්වින් ගුණරත්න මහතාට ප්‍රශ්න තිබුණා නම් ඒ පිළිබඳව සිය නිල කාලය තුළ ප්‍රකාශ කිරීමට තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහෙත් එවැනි ප්‍රකාශයක් ඉදිරිපත් නොවූ බවත් එසේ තිබියදී ඉදිරිපත් කර තිබෙන ලිපියේ වෛද්‍ය සභාව විසිරුවා හරින ලෙසට හා තවත් බරපතළ කාරණා ගණනාවක් අඩංගු බවට වාර්තාවන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අදාළ ලිපියේ පිටපතක් ඉල්ලා සිටීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
