ප්‍රශ්නවලට හේතුව යහපාලන ආණ්ඩුවද?
වර්තමානයේ රට තුල තිබෙන සියලු ප්‍රශ්න වලට යහපාලන ආණ්ඩුව හේතුව බවට සඳහන් කිරීමට අයවැය විවාදයේදී ඇතැම් පිරිස් උත්සහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම ප්‍රශ්න අවුරුදු 30-40ක සිට මෙරට තුල පවතින ප්‍රශ්න බව 2022 අය වැය දෙවන වර කිය වීම පිළිබඳ සිව්වන දිනටත් අද (17දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර මෙලෙස යහපාලන ආණ්ඩුවට චෝදකා එල්ල කළද යහපාලන ආණ්ඩුවේ නායකයා වර්තමානයේ සිටිනුයේ වත්මන් ආණ්ඩුවේ බවට කිව යුතු බව සඳහන් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
“රටක් ලෙස මුහුණ දී තිබෙන ප්‍රධානම ප්රශ්නය තමයි මේ රටේ දුගී භාවය. දුගී භාවය තුරන් කිරීම සඳහා පසුගිය වසර 50-60ට වැඩි කාලයක් මේ රටේ සෑම ආණ්ඩුවක් නොයෙකුත් අත්හදා බැලීම් කළා. මේක දවසක දෙකක කාරණයක් නොවෙයි.
ඒත් සමගම ලෙඩ රෝග, සෞඛ්‍ය ප්‍රශ්න බරපතල විදියට බලපානවා. ඒ වගේම පිළිකා රෝගීන් වැඩි වෙන්නේ ඇයි, වකුගඩු රෝගීන් ඇති වෙන්නේ ඇයි. ආහාරවල තිබෙන ඒ ප්රශ්නයමද. එහෙම නැතිනම් මේ රෝගවලට ලක්වෙන ජනතාවගේ ගැති පැවතුම්ද යන මේ කියන කරුණු කාරණා පිළිබඳව අපි රජයක් විදියට පුලුල් අධ්‍යනයක් කරලා විශාල වශයෙන් වේගයෙන් වැඩිවෙන මේ පිළිකා තත්ත්වයන් සහ වකුගඩු තත්ත්වයන් මෙන්ම වෙනත් බෝ නොවන රෝග පිළිබඳව අපි මීට වඩා මූලිකත්වය ගෙන රජයක් ලෙස කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.
ඒ වගේම මම දැක්කා කියනවා මේ පොලොන්නරුවේ හදපු වකුගඩු රෝහල චීනයෙන් ලැබුණු පරිත්‍යාගය මේ රසායනික පොහොර ප්රශ්නය අවසන් කරලා රටම කාබනික පොහොර වුණාම මේ රෝහල් වලින් වැඩක් නෑ කියලා. වකුගඩු රෝගය පිළිබඳ කතා කරනකොට මේ රටේ වෛද්‍යවරයෙකුගෙන් ඇහුවොත් කියයි වකුගඩු රෝග කොතරම් තිබෙනවාද කියලා.
වකුගඩු රෝග සිය ගණනක් තිබෙනවා. වකුගඩු රෝහල ගැන කතා කරනකොට මම කියන්න ඕන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවෘත කරන්න ගිහින් අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන්ට උපදෙස් දුන්නා මාස තුනක් ඇතුලත මේ රෝහල සියලු සේවාවන් ඉෂ්ඨ වෙන තත්තවයට පත් කරන්න කියලා. ඒක නියෝගයක් වශයෙන් තමයි එතුමා කළේ.
නමුත් අද වන විටත් මේ රෝහලේ මම කණගාටුවෙන් කියන්න ඕන එක්ස්- රේ කාමර අද වෙනකන් ඇරලා නෑ. රෝහලට අධ්යක්ෂවරයෙක් පත් කරලා නෑ. රසායනාගාර විවෘත කරලා නෑ. සීටී ස්කෑන් පටන්ගෙන නෑ.
මම තව කාරණයක් කියන්න ඕන. මේ සභාවේදී දැක්ක දෙයක් තමයි සමහර වාද විවාද වලදී මේ සියලුම අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුව පැත්තට තල්ලු කරනවා. ඉතින් යහපාලනයේ නායකයත් ඉන්නේ ආණ්ඩුවේ. මේ අද තිබෙන ප්‍රශ්න යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නිසා ඇති වූ ඒවා නෙවෙයි. දීර්ඝ කාලයක් ඇතිවුනු ප්‍රශ්න.
විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල අද ජනතාව විදින්නේ. විවෘත ආර්ථිකයේ හොඳ පැත්ත වගේම විශේෂයෙන්ම විදේශ වත්කම්, මූල්‍ය කටයුතු වලදී තිබුණු අනිසි කළමණාකරනය, දේශපාලඥයන්ට අවශ්‍ය විදියට කටයුතු කිරීම යන මේ කියන කරුනු සැලකිල්ලට ගත්විට මූලික වශයෙන්ම මේක අවුරුදු 30-40ක ප්‍රශ්නයක්. ඒ නිසා සාම්ප්‍රධායක ප්‍රශ්නයක් මේ රටේ ඕනෑම ආණ්ඩුවක් බලයට ආවාම තිබුණ ආණ්ඩු වලට දොස් කියන එක. යහපාලන ආණ්ඩුව තුලත් විශාල වැඩ කොටසක් අපි මේ රටේ ජනතාවට ඉෂ්ඨ කළා. ඔන තරම් අඩුපාඩු තිබුණා.”
popular news
-
Priyantha Wednesday, 17 November 2021 02:22 PM
Former president cannot be represented the present parliament. However, Polonnaruwa District MP - Maithripala Sirisena was allowed on election from Polonnaruwa District. Dear Editor, It is your duty to make corrections of your subordinates.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

