ප්‍රමාද නොවි නොපමාව එන්නත ලබාගන්න
දැනට සිදුවී ඇති කොවිඩ් මරණ වලින් 91%ක් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවත් ප්‍රමාද කිරීම පසුතැවිලි වීමට හේතුවිය හැකි බැවින් නොපමාව එන්නත් ලබාගන්නා ලෙස වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.
”නිරෝධායන ඇදිරිතිය කාටද, කෙසේද”, යන මැයෙන් අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරමින් වෛද්‍ය ගිනිගේ මහතා මේ බව අනාවරණය කලේය.
මේ වන විටත් වයස අවුරුදු 60ට වැඩි ඉතාම සුළුතරයක් එන්නත් ලබාගෙන නොමැති බවත් මෙය ගැටලුවක් වන බැවින් 60ට වැඩි පුද්ගලයින් සඳහා රටේ බොහෝ ස්ථානවල වෙනමම එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවමින් එන්නත්කරණය තවදුරටත් රජය විසින් සිදුකරන අතර, 60ට වැඩි සියලුදෙනා හැකි ඉක්මණින් එන්නත් ලබාගැනීමට යොමුවීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.
එන්නත්කරණයෙහි ප්‍රධාන අරමුණු දෙක වනුයේ, මරණ අඩුකරගැනීම සහ රෝග සම්ප්‍රේෂණය අඩුකරගැනීම බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා, කොවිඩ් මරණ වලින් 77%ක්ම සිදුවන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතර බව මෙහිදී පෙන්වා දුන්නා.
අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන්ගේ මරණ ප්‍රතිශතය 22%ක් බවද, 65% – 70% පමණ මරණ සිදුවී ඇත්තේ නිදන්ගත රෝග ඇති අය බවද, කොවිඩ් මරණ සදහා වැඩි අවධානමක් ඇත්තේ වයස 60ට වැඩි පුද්ගල කාණ්ඩයේ වන බැවින් ඔවුන් සියලුදෙනා අනිවාර්යයෙන්ම එන්නත්කරණයට යොමුවිය යුතු බවත් ඒ් මහතා සඳහන් කළා.
popular news
-
ජයරත්න Sunday, 22 August 2021 09:24 PM
එන්නත විදගන්න කීවට කොහෙන්ද විදගන්නෙ කියන එකයි ගැටලුව මෙහෙ එහෙම තැනක් නෑ-සාලියවැව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

