ප්‍රති ත්‍රස්ත පනත භයානකම පනතක් - GL
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වාදී ඇති ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් අතරන් භයානකම පනතක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා සඳහන් කළේය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම මෙම පනතේ සඳහන් යැයි කියන මතභේදාත්මක කරුණු කිහිපයක්ද ඔහු පැහැදිලි කළේය. මෙම පනතින් ත්‍රස්තවාදී සැකකරුවන්ට ආරක්ෂාවක් ලබා දි ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
“මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් අතරින් ඉතාමත් භායානක පනතක්. මෙයින් මූලික මානව අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම කප්පාදු කරනවා. මහජන දේපළවලට හානි කිරිම මෙයින් ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස දකිනවා. අත්‍යාවශ්‍ය සේවා වලට හානි කිරීම ත්රසත්වදී ක්‍රියා වෙනවා. GMOA වර්ජනය කළොත ඒවා ත්‍රස්තවාදී ක්‍රියා. මේ වැරදි සඳහා අවුරුදු 20ක සිර දඬුවමක් නියමවෙනවා.තොරතුරු හිතා මතා හා නීත්‍යානුකූල නොවන ලෙස බෙදා හැරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා.
මෙයින් ආණ්ඩුක්‍රම ව්යවවස්ථාවේ ලබාදී ඇති මූලික අයිතිවාසිකම් ඉවත් කරන තිබෙනවා. යම් නිශ්චිත සථානයක ඒකරාශී නොවන ලෙස, නිශ්චිත රැස්වීමක් රැළියක් පෙළපාලියක් නොපවත්වන ලෙසට නියෝග නිකුත් කරන්න පුළුවන්. මේවා උල්ලංගණය කිරීම ත්‍රස්තවාදී ක්‍රියා. යම්කිසි ක්‍රියාකාරකම් නීති විරෝධි ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්.
නිශ්චිතව සඳහන් කරන විශේෂ පුද්ගලයන් සමග සන්නිවේදනය පැවැත්වීම හෝ ආශ්‍රය කිරිම දෙකම සීමා කිරිම, වරදක් සිදුකිරිමට පහසුකම්වල සැලසෙන ආකාරයෙන් නිශ්චිත ක්‍රියාකාරකම් සිදුකිරිම ආදී දේවල් බරපතල අපරාධ වෙනවා.
84 වගන්තිය යටතේ තහනම් ස්ථානවලට නියෝග නික්ත කිරීම් බලය දක්වා තිබෙනවා. ඒ අනුව අතුළුවීම තහනම් ස්ථාන ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරිම හා දළ සටහන් සකස් කිරිම තහනම් වෙනවා. මේ නිසා ඉදිරියේදී ගවේෂනාත්මක වැඩසටහන් හා ලිපි ලිවිම නවත්වාවි.
91 වගන්තිය ඉතාමත් භයානකයි. යම් වරදක් පුද්ගල මණ්ඩලයක් විසින් සිදුකළ විට වගකිය යුතු සෑම පුද්ගලයෙක්ම වරදට වග කියයුතු වෙනවා.
95 වැනි වගන්තියෙන් කියැවෙන්නේ වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන් වුවද ඒය නොතකා මේ පනතේ විධි විධාන බල පැවැත්වෙයි. වෙනත් පනතක් සමග ගැටෙන විටත් මේ පනත ක්‍රියාත්මක වෙනවා. අනිත් පනත් ඉවත් වෙලා මේ පනත බලාත්මක වෙනවා.
මේ පනතේ ත්‍රස්තවාදින්ට පුදුම දයාවක් වරප්‍රසාදක් දෙනවා මෙහි උපලේඛණ තුළින්,
2 වැනි උපලේඛණයේ සිරභාරයට ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට කරනු ලබන දැනුම් දීම. වෙනත් කිසිම පුද්ගලයෙකුට එහෙම දෙයක් නෑ. වහාම ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන්න ඕන.
තෙවැනි උපලේඛණයෙන් දැක්වෙනවා ඒ අත්අඩංගුවට ගැනීම පොලිස්පතිවරයාට දැනුම් දිය යුතු බවට. ත්රස්තවාදයට එරෙහි අභිචෝදනා පත්‍රයක් අවුරුදු 10කින් කල් දාන්න පුළුවන්. ත්‍රස්තවාදය පිළිබඳ සැකකටයුතු පුද්ගලයන්ට සියලුම ආරක්ෂාවන් තිබෙනවා.
මේ පනත සම්මත වුණොත් වෘත්තීය සමිත, මාධ්‍ය ආයතන, ශිෂ්‍ය වයාපාර වලට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් භුක්ති විදින්න අවශ්‍යතාව නැති වෙනවා."



popular news
-
Champa Tuesday, 26 March 2019 09:31 PM
මේක ගැන මුළු රටෙන්ම ප්‍රබල විරෝධයක් එන්න ඕනේ. මේක ගෙනාපු ගමන් හිරේ ඉන්න LTTE ත්‍රස්තවාදීන්වත් නිදහස් වෙනවා. ඒක තමයි ලොකුම අරමුණ. අනිත් පැත්තෙන් ඉස්සර වගේ යූඑන්පී භීෂණ කාලයක් එනවා. මේක පාවිච්චි කරලා සියලු වර්ගයේ විරුද්ධවාදීන්ව මර්දනය කරන්නයි හදන්නේ.
Reply : 0 0
Don Wednesday, 27 March 2019 09:19 AM
මේ ඔල්මොරෝන්දන්ට හැම එකම වැරදියි 13 මෙයාගේ යෝජනාවක්. මෙයා ඒකට සම්පූර්ණ වගකීම බාරගන්න ඕන
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

