ප්රජාතන්ත්රවාදය ස්ථාපිත, හොරකම, නාස්තිය නොකරන දේශපාලන ව්‍යාපාරයක් ගෙන ආ යුතුයි
වර්තමානය වනවිට රට ගොඩනැගීමට සමත් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරිමට සමත් හොරකම දූෂණය නාස්තිය නතර කිරීමට සමත් නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ බලයට ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුයේ ඊයේ (26) වන දින දඹුල්ලේදී පැවති උත්සවයකට එක්වෙමිණි.
එහිදී ප්‍රධාන දේශකයා ලෙස පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වර්තමානයේ රටේ දේශපාලනඥයා කෙරෙහි පවතින තත්ත්වය පිළිබඳවද ජනතාව දැනුවත් කළේය.
නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ආරම්භ කිරීම සඳහා රැස්ව සිටින ජනතාව සූදානම් දැයි තමන්ගේ පාක්ෂිකයන් ගෙන් විමසන බවද ඔහු සඳහන් කළේය.
කවරදාකටත් වඩා දේශපාලනඥ රටේ කිසිදු ආකාරයෙන් පිළිනොගන්නා පුද්ගලයකු බවට මේ වන විටත් පත්ව තිබෙන බවත් හොරකම් කරන විකිණෙන අලෙවි වන භාණ්ඩයක් බවට දේශපාලනඥයා පත්ව තිබෙන බවද සඳහන් කළේය.
වසර 70 ක් තිස්සේ මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තියෙනවා ආණ්ඩු පෙරළා තියනවා 1977 එවකට තිබුණු ශ්‍රී ලංකා ආණ්ඩුව කඩල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදුවා ජනතාව ඒ අයට හයෙන් පහක බලයක් දුන්නා එහෙම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට එවකට බරපතල චෝදනා එල්ල වෙලා තිබ්බ නිසා .
ආර්ථික බිඳ වැට්ටවීම යුඑන්පී ආණ්ඩුව හැදුවේ ආර්ථිකය ගොඩගන්න එදා ආණ්ඩුව බිම දැම්මේ හොරකම් නොකරන පාලනයක් වෙනුවෙන්. අවුරුදු 17 කට පස්සේ 94දී හොරකම නතර කරන්න ආර්ථිකය ගොඩ ගන්න ගෙනාවා ආණ්ඩුවක් . නැවතත් ආර්ථික ප්‍රතිපත්තිය රටට ගැළපෙන්නේ නෑ කියලා 2015 වසරෙත් හොරකම වංචාව දූෂණය කියලා අලුත් ආණ්ඩුවක් හදනවා හැබැයි ආණ්ඩු මාරු කළාට මේ රටේ හොරකම වංචාව දූෂණය නැති වෙලා නෑ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරනවා කිව්වට සිද්ධවෙලා නෑ යනුවෙන් පැවසිය."

popular news
-
Deepal Nirosh Wednesday, 27 March 2019 03:30 PM
හැම වේදිකාවෙම ඔය පදේ ගහ ගහ ඉමු. එතකොට රට හැදෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

