කැබ් රථයකින් සැරිසරමින් සමගි ජන බලවේගය අපේක්ෂක ජගත් පින්නගොඩ මහතාගේ රුව සහ අංකය සඳහන් කුඩා කාඩ්පත් මාර්ගයේ තැනින් තැන දමා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි
එම සැකකරුවන් සමග අපේක්ෂකයාගේ රුව සහිත ඉස්ටිකර් 42 ක් පෝස්ටර් 1872 ක් අත් පලදනා 3ක් හා අපේක්ෂකයාගේ රුව සහ අංක 9 සදහන් කුඩා කාඩ්පත් 836 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
පොලිස් ජංගම සංචාරක රථය කලුතර උතුර ජාවත්ත වත්ත ප්රදේශයෙහි සංචාරය කරමින් සිටිය දී ඊට ඉදිරියෙන් ගමන් ගත් කැබ් රථය තුලින් කුඩා කාඩ්පත් ඒ තුළ සිටි කිසිවෙකු එළියට විසි දැක ඇතැයි පොලිසිය කියයි ජංගම සංචාරක රථයේ නිලධාරීන් කැබ් රථයේ පසුපසින් ධාවනය කරමින් සිටිය දී කලුතර උතුර හොරණ පාරේ 01 කණුව ප්රදේශයේ දී ඒ අයුරිනම කුඩා කාඩ්පත් විසි කරනු දුටු පොලිස් නිලධාරීන් ජීප් රථය හරස් කර කැබ් රථය නවතා එහි සිටි පුද්ගලයන් පරීක්ශා කිරීමේදී ඔවුන්ගේ සාක්කු තුළ කුඩා කාඩ්පත් ද අනෙකුත් ප්රචාරක පත්රිකා කැබ් රථය තුළ තිබී පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිපැන්න ,කලුතර දකුණ සහ මතුගම පදිංචි කරුවන් ය.
කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රියන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. ටී.තරංග මහතා පරීක්ෂණ පවත්වයි
බිමල් ෂ්යාරමන් ජයසිංහ
