මෙම වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය පියවර ගන්නා බව ශ්රී ලංකා පෙදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ 13 වැනි සංශෝධනයේ 09 වැනි උපලේඛණයට යටතේ ජන ජීවිතයට ඍජුව බලපානු ලබන වගකීම් 36ක් ඇති බවයි.
නියත වශයෙන්ම පරාජය අත්වන බව දැනුවත්වීම හේතුවෙන් යහපාලන රජය ඇතුළු එක්සත් ජාතික පක්ෂය විසින් පළාත් සභා මැතිවරණය නොපැත්වූ බවද මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.