පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්තවත් විශේෂ සාකච්ඡාවක් අද(28දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර,පළාත් සභා සීමානිර්ණ අනුකමිටු නියෝජිතයන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා දේශපාලන පක්ෂ නියෝජිතයන් ඒ සඳහා සහභාගි වීමට නියමිතය.
දැනට පළාත් සභා සීමා නිර්ණය කමිටුව මගින් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී ඇති කමිටු වාර්තාව සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳ හා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කීරීමට මෙම සකාච්ඡාව කැඳවා තිබේ.
පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ බොහොමයක් විරෝධතාව පළකර තිබූ අතර, පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන ලෙස ඔවුන් පසුගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයාට ප්‍රකාශ කර තිබිණි.
මේහේතුවෙන් මැතිවරණය පවත්වන ක්‍රමය පිළිබඳ අවසන් තීරණයකට නොපැමිණි අතර, අද දිනයේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.
