නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරුමැද සහ සබරගමු පළාත්වලටත්, අද (02දා) ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මේ නිසා අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කටයුතු කළයුතු බව කාලගුණවිද්‍යා දෙපොර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව අද උදෑසන කාලයේදී බස්නාහිර පළාත තුළ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක තුළත්, සමහර ස්ථානවලට සිහින් වැසි ඇතිවිය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යාහැකි බවත් මේ නිසා ජනතාව ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද ඔහු කියා සිටියේය.
මීට අමතරව පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍ර‘දේශවලටත්, සිහින් වැසිවාර කීපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 දක්වා ඉහළ යාහැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.