පළමු වැල් දොඩම් ගම්මානය බුත්තලදී
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටුවනු ලබන පොකුරු ගම්මාන යටතේ පළමු වැල් දොඩම් ගම්මානය බුත්තල, වගුරුවෙල වැවේ යායේ දී ආරම්භ කිරීමට නියමිතය.
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යා චමල් රාජපක්ෂ මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුරු වික්‍රමනායක මහතාගේ ප්‍රදානත්වයෙන් එළැඹෙන 02දා එම ගම්මානය ආරම්භ කිරීමට නියමිතය.
මේ සඳහා වැල් දොඩම් වගා කිරීම සඳහා ගොවි මහතුන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇති අතර එක් ගොවියෙකු සඳහා වැල් දොඩම් වගා කිරීමට රුපියල් ලක්ෂ හයක පමණ අවශ්‍ය පැළ, ද්‍රව්‍යයන් සහ උපකරණ ලබාදීමට කටයුතු යොදා ඇත.
popular news
- 
                            
ඉලේ Monday, 30 December 2019 08:25 PM
1970-77 කාලෙදී කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ හැඩිගල්ල ගමේ මහා විශාල වැල්දොඩම් වගා වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ගොවියන්ට වැල් දොඩම් වගා කිරීමට අවශ්‍ය ඉඩම්, පැළ, ද්‍රව්‍යයන් සහ උපකරණ ලබා දුන්නා. ගමේ නමත් වැල්දොඩම් වගා ජනපදය කියා වෙනස් කළා. නමුත් අන්තිමට වැල්දොඩම් විකුණාගන්න ක්‍රමයක් නෑ. වැඩේ කොට-උඩ. මිනිස්සු ඉඩම් අත්හැර දැම්මා.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                