පළමු වෙඩි මුරය ඇල්පිටියෙන්
ඇල්පිටිය ප්රාදේශිය සභා ඡන්දයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ විපක්ෂ සන්ධානය අති විශිෂ්ඨ ජයක් අත්කරගෙන ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනම ලැයිස්තුවක් මෙම මැතිවරණයට ඉදිරිපත් කර තිබුණත් මේ වන විට සන්ධාන ගතව, එක බලවේගයක් බවට පත් ව ඇති අවස්ථාවක ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සියලුම කොට්ඨාශ විපක්ෂ සන්ධානය දිනා ගත් බවත් ඔහු පවසයි.
සමස්ථයක් ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයට වලංගු ඡන්ද වලින් 69%ක් ලැබී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ 24% ක් පමණක් බවත් ඔහු ප්රකාශ කරයි.
ලැබී ඇත.
වත්මන් පාලනය අවසන් කිරීමට දැන් කාලය පැමිණි ඇති බවත් ඒ සම්බන්ධයෙන් පළමු වෙඩි මුරය ඇල්පිටියෙන් පත්තු වූ බවත් ඇල්පිටියේ ඡන්ද ජයග්රහණය සාමකාමීව භුක්ති විදින මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.


popular news
-
Chathuri Sunday, 13 October 2019 06:48 AM
මහින්ද මාමේ ඇල්පිටියේ සෙනග වගේ ද . ගෝල් ෆේස් එකේ , ඔය චන්දෙ තියන්න තිබුනේ එහන නේද . මේ විස්තර. ගෝටා මාමට පෙන්වන්න එපා , පපුවේ අමටුව තියෙන නිසා
Reply : 0 3
චමින්ද Sunday, 13 October 2019 07:18 AM
ගරු මැතිතුමණි හිටපු ජනපති කෙනෙක් ලෙසට ඔවැනි ප්රකාශයක් අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු නොවුනෙමු. ඇල්පිටිය යනු සැමදා වමට බර අසුනකි.එය කෙසේ වෙතත් මෙම මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැලකී සිටි පිරිස එකොලොස් දහස ඉක්මවා ඇත.එම ඡන්ද දායකයින්ද මෙරට පුරවැසියන් වන අතර ඔවුන්ගේ නියෝජනය හිමිවන්නේ කාටද .ඒ පිරිසටත් මානව හිමිකම් ඇතැයි ඔබතුමා නොසිතනවානම් මෙය පළමු වෙඩිමුරය ලෙස සැලකිය හැකිය.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

