පහන්තුඩාව ඇල්ලේ අසැබ් දර්ශන කළ යුවළ අත්අඩංගුවට
බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව ලෙස හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
පිරිමි පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක් වන අතර ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි.
ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අතර පන්නිපිටිය පෙදෙසේ තාවකාලිකව පදිංචිව සිටින ඇය අවිවාහක තැනැත්තියක් බවත් මෙවැනි අසැබි දසුන් අන්තර්ජාලයට සහ වෙබ් අඩවිවලට මුදා හැර මුදල් උපයන තැනැත්තියක් බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශව විසින් දැඩි දෝෂ දර්ශනය කිරීම හේතුවෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝව එම වෙබ් පිටුවෙන් මේ වන විට ඉවත් කර ඇත
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකර සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

