පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට යටත් නොවී සන්ධානගත විය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට යටත් නොවී සන්ධාන ගත විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සංවිධායකවරු සඳහන් කරති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරියට ගෙන යා යුත්තේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති බවත්, එසේ නොමැති වුවහොත් පක්ෂයට අනාගතයක් නොමැති වන බවත් දකුණු පළාත් සභා අමාත්‍ය අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යූ.ජී. ආරියතිලක මහතා සඳහන් කළේය.
එසේ නොමැතිව ජාතිවාදී අදහස් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියහොත් එමගින් රටට යහපතක් සිදු නොවන බවද පවසා සිටියේය.
අද (15 දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 09 දෙනෙකු ඇතුළු පිරිසක් කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා කරුණු 05 කින් යුත් ප්‍රතිපත්ති මාලාවක්ද පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම කණ්ඩායම විසින් භාර දුන් බවද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

