පොහොට්ටුව අත විනාශ කරනවා - බුද්ධදාස
අමිත් මධුරංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කාර්යාලය පවත්වාගෙ යෑම සඳහා හිටපු ඇමතිවරයෙක් විසින් රාජගිරිය බුත්ගමුව පාරේ, ගැමුණු මාවතේ පිහිටි නිවසක් රුපියල් ලක්ෂ දෙක හමාරක මාසික කුලියකට ලබාදුන් බව ශ්‍රී.ල.නි.ප. කඩුවෙල සමසංවිධායක ජී.එච්. බුද්ධදාස මහතා අද (24දා) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ගේ මතය සමාජගත කිරීම සඳහා ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කරන භික්ෂු, නීතිඥ, තරුණ, කාන්තා ඇතුළු සංවිධාන ගණනාවක් එම ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි කාලයේදී විවිධ වැඩසටහන් පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ව්‍යාපාරයක් ගෙන යමින් තිබෙන බවත්, ඉදිරියේදී පුළුල් සන්ධානයක් බිහි කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වයෙන් මිස පොදුජන පෙරමුණ මූලිකත්වයෙන් නොවන බවත් බුද්ධදාස මහතා පැවසීය.
තම කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයෙකුට දිස්ත්‍රික් නායක ධුරයක් ලබාදීම සම්බන්ධව ජනාධිපතිවරයාට ස්තුති කරන බවත්, ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකවරුන්ගෙන් 65%ක් පොදුජන පෙරමුණට විරුද්ධ බවත් ඔහු පවසා සිටියේය.

popular news
-
Don Thursday, 24 January 2019 09:06 PM
පොහොට්ටුව අත විනාශ කරනවා අත පොහොට්ටුව විනාශ කරනවා මේ දෙකම රට විනාශ කරනවා ඉතින් ජනාධිපතිවරණය ඉක්මන් කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

