පස් ප්‍රවාහන නීතිය ලිහිල් කරයි
පස් හා බොරලු ප්‍රවාහනයට තිබූ දැඩි නීති ලිහිල් කිරිමට කටයුතු කළ බව මහවැලි හා පරිසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසිය.
ඒ අනුව වාණිජ පදනමකින් නොවන පස් හා බොරලු ප්‍රවාහනය වෙනුවෙන් තිබූ නීතිය මේ හරහා ලිහිල් කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව,
නිවාස ඉදිකිරීමේදි ඉවත්වන හෝ පිරවිමේදි පස් කියුබ් 35 දක්වා ප්‍රවාහනය සඳහා ග්‍රාම නිලධාරිගේ අනුමැතිය ප්‍රමාණවත් වෙයි.
වාණිජ නොවන පස් කියුබ් 50ට අඩු (සංවර්ධන ව්‍යාපෘතියක් වැනි) පස් ප්‍රවාහනය කිරීමේදී ග්‍රාම නිලධාරීගේ සහතිකය අනුව ප්‍රදේශිය ලේකම්ට අවසරය දිය හැකිය.
පස් කියුබ් 50ට වැඩි නම් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වෙයි.
මේ සඳහා චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති අතර එය මාර්තු 12 දි සිට බලපැවැත්වෙයි.

popular news
-
ranjith Friday, 15 March 2019 04:17 AM
හොද තීරණයක් නෙතිනම් ජාවාරම් කාරයන්ට වෙළද පොලක් වෙනවා දුප්පත් මිනිහෙකුට ගෙයක් හදාගන්න බේරී වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

