පාසල් හා ආරක්ෂක නිල ඇඳුම් දේශීයව නිෂ්පාදනයට ජනපති විමසුමට
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක් වෙයි.
මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසති. විශාල පිරිසකට රැකියා අහිමි විය.
Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.
රෙදි නිෂ්පාදනයකඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ ජනාධිපතිතුමා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නැයි පැවසීය.
දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.
ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළේය.
ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.









popular news
-
Samson de Silva Tuesday, 29 September 2020 09:15 AM
Prawurthi waarthaawe hatiyata janadipathi dewal kihipaykma pawasaa thibenawaaa. Owaayin kumana ewaada chakra lekana wenne? Ema kaaranayath waarthaawe sandahan wunaanam hondayi. Janaadipathi padayak ariyoth ekath chakra lekanayakda? Mewwaa janathaawa danagatha yuthuyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

