පොස්පේට් ආයතනය තමන්ට ආ හේතුව මහින්දානන්ද කියයි
- 19 06 2021
- 14:09
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
අමාත්‍ය විමල් විරවංශ මහතා යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම අද (19දා) සිට කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද නාවලපිටිය නගරයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
“ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කරලා තියෙනවා. ඒකට හේතුව ලෙස මම දකින්නේ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ තමයි තිබුණේ පසුගිය කාලයේ.
රජය දැවැන්ත වැඩපිලිවෙළක් දියත් කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව වෙනුවෙන්. පොස්පේට් නිෂ්පාදනය ඉතාමත් වටිනවා. අමාත්‍ය විමල් විරවංශ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරලා තිබුණා.
ඒ සියල්ලත් ගොනු කරගෙන අපේ රටේ පොස්පේට් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කරනවා.” යැයි ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
