ඉකුත් යහපාලන රජයට චෝදනා කරමින් නොසිට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40ක කොටසෙන් දැනට වැඩ නිමා වි ඇති කිලෝමීටර් 38 කොටසේ කිලෝමීටර් දෙකේ වැඩ නිමා කොට එය විවෘත කර දෙන ලෙසත් එසේ කළ හොත් කොළඹ සිට මහනුවරට පැමිණෙන අයෙකුට පැය දෙකක කාල ඉතුරුවක් සිදුවන බව හිටපු මහාමාර්ග අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඒ මහතා ඒ බව පවසා සිටියේ ඊයේ (25) මහනුවර දී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
එහිදි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ යහපාලන රජය මගින් මධ්‍යම අධිවේගය ඉදි කිරීමට කිසිදු දෙයක් නොකළ බවට වාචාල කතා බස් දොඩන බවත් එහෙත් 2014 වසරේ ජනාධිපති වරණ ඡන්දයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මුල්ගල් තබමින් ගිය මධ්‍යම අධිවේගී මාර්ගය යහපාලන රජය විසින් සැලකිය යුතු කොටසක් නිමා කළ බවයි.
ඒ අනුව කඩවත සිට මීරිගම දක්වා ඉඩම් කැබලි විසි දහසක් පවතින වෙළඳ වටිනාකමටත් වඩා හතර ගුණයක් ගෙවමින් රජය මඟින් අත්පත් කර ගත් බවත් ඉන් සියයට අනූවකටත් වඩා වන්දි ගෙවා හමාර බව ද පැවසීය .
මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝමීටර් 40 ක කොටසෙන් කිලෝමීටර් 38 කොටසක් සම්පූර්ණයෙන් වැඩ නිමා කර ඇති බවත් වත්මන් රජය දේශපාලන හේතූන් මත ඉතිරි කිලෝමීටර් දෙකට කොටස වැඩ නිමා නොකර පැවැති රජයට විවිධ චෝදනා නගමින් සිටින බවත් ඉන් මහනුවර ජනතාවට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව ද පැවසීය.
මෙම අධිවේගී මාර්ගයේ පළමු කොටස එනම් කඩවත සිට මීරිගම දක්වා කොටස චීන රජයට කොන්ත්‍රාත් දීමට සිදු වූයේ පැවති රජයේ ගිවිසුමක් මත බවත් එහෙත් ඉකුත් රජයේ ප්‍රධානීන්ගේ කඹ ඇදීම නිසා එම කොටස නිමා කර ගැනීමට නොහැකි වු බවත් කිරිඇල්ල මහතා පැවසී ය . ඒ අනුව පොතුහැර ගලගෙදර කොටසද මන්දගාමී වූ බව ද පැවසිය.
එහෙත් ලංකාවේ ඉතිහාසය ප්‍රථම වතාවට එහි දෙවැනි කොටස වූ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝ මීටර් හතලිහේ ඉදි කිරීම් කටයුතු දේශීය සමාගම් වලට භාර දුන් බවත් එය ඉතා සාර්ථකව ඔවුන් නිමා කළ බවත් පැවසූ කිරිඇල්ල මහතා ඔවුන්ගේ එම වෘත්තිය සුදුසුකම පිටරටක අධිවේගී මාර්ගයක් කොන්ත්‍රාත් ගැනීමට ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමට පවා සුදුසුකමක් බව ද පැවසිය.