පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවෙකුට අයත් කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා අත්පත් කරගත් සැකකරුවන් 05 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් මෙලෙස ව්‍යාජ ලේඛණ සකසා අත්පත් කර ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේදී කොළඹ ප්‍රධාන හෝටලයකට ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් ඉඩමකි.
