පශ්චාත් ජනාධිපතිවරණ සමය තුළ කැෆේ සංවිධානය වෙත පැමිණිලි 42ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි එම සංවිධානය පවසයි.
එහි විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ පූර්ව මැතිවරණ සමය තුළ පැවති නීතිගරුක සහ සාමකාමි ස්වරූපය සම්පූර්ණයෙන්ම පශ්චාත් මැතිවරණ සමය තුළ වෙනස් වූ බවයි. එමෙන්ම පශ්චාත් මැතිවරණ සමය තුළ පෝස්ටර් බැනර් කටවුට් විශාල වශයෙන් ඉදිවිම නිසා බරපතළ පාරිසරික බලපෑම්ද ඇතිවූ බව හෙතෙම සඳහන් කළේය.
මැතිවරණය අවසන් විමත් සමඟ පුත්තලම සිට මන්නාරම දක්වා ඡන්දය ප්‍රකාශ කිරිමට ගොස් පැමිණෙමින් සිටි පිරිසක් ගමන් ගත් බස් රථයකට ප්‍රහාර එල්ලවිම සහ යටියන්තොට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවිම වැනි සිදුවීම් මැතිවරණ දිනයේදී වාර්තා වූ අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත්විමත් සමග නිති විරෝධී ලෙස පුද්ගල කණ්ඩායම් එක් රැස් වෙමින් ජය සැමරූ ආකාරය නිරීක්ෂණය කළ හැකිවූ බව අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේය.
මිට අමතරව මැතිවරණ දිනයෙන් පසුව ගතවූ සතිය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින්ම පුද්ගල පහරදීම්, රථවාහන නිවාස ඇතුළු දේපළ වලට අලාභ හානි සිදුකිරිම් වාර්තා වූ බව කැෆේ සංවිධානය පවසයි.
මිට අමතරව රජයේ ඇතැම් ව්‍යෘපෘති වල නාම පුවරු කඩා බිඳ දැමීම්, ඇතැම් පුවරු වලට කළු තෙල් ගැසීම් ආදි සිදුවිම් ද වාර්තා වූ සිදුවිම් අතර වෙයි.
සමස්තයක් ලෙස ගත් කළ අනිකුත් ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙවර වාර්තා වූ සිදුවිම් ප්‍රමාණය අවම වන අතර වාර්තා වූ ඒවා ද බරපතළ තත්ත්වයේ ඒවා නොවන බව අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙයි.
