පවුලේ වියදම් නිසා මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරන්න බෑ - රෝහිත
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් තමන් එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) පැවසීය.
පවුලේ වියදම් දැරීමට තිබෙන බැවින් තමාට මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට නොමිලේ කන ආකාරය තමන්ට සිතාගත නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය රජය විසින් විශාල අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන ගිය බැවින් 2015දී ජනතාව ඊට ප්‍රතිචාර දැක්වූ බවයි.
ඇමතිවරුන්ගේ 30 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන යන බව පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද මේ වනවිට කැබිනට් ඇමතිවරුන් 41ක්, රාජ්‍ය ඇමතිවරුන් 22ක්, නියෝජ්‍ය ඇමතිවරුන් 23ක් වශයෙන් ඇමතිවරුන් 86 දෙනෙකු සිටින බවද හෙතෙම පවසා සිටියේය.

-
Goiya Tuesday, 26 June 2018 03:36 AM
පවුලේ කීදෙනෙකු ඉන්නවද danna
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

