ගොවි ජනතාවට දැනට හිමිවන පොහොර සහනාධාරයට වඩා වැඩි පොහොර සහනාධාරයක් හිමිවන වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සම්මේලනයට අද (06) දින සහභාගී වෙමිනි.
තමන් ජනාධිපති වූ වහාම ගොවි ජනතාව සමඟ සමාජ ගිවිසුමක් අත්සන් කර ඊට නීතිමය බලයක් ලබා දී ගොවි ප්රඥප්තියක් නිර්මාණය කරමින් මෙරට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඓතිහාසික සේවාවක් සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.
ඔහුගේ කෘෂීකර්මාන්ත වැඩපිළිවෙල යටතේ පහත සඳහන් දෑ කෙරෙහිද ඔහු අවධාරනය යොමු කරන බව සඳහන්ය.
වී සඳහා රුපියල් 50 ක සහතික මිලක් නියම කිරීමට ,ගොවි විශ්‍රාම වැටුප නැවත සක්‍රිය කිරිම, ගොවි ජනතාව වෙනුවෙන් කෘෂි නිෂ්පාදන පැකේජයක් හඳුන්වා දිම,වගා හානි සඳහා විධිමත් වන්දි ක්‍රමයක් නිර්මාණය කිරිම ඒ අතර විශේෂ වේ.
තමන් බලයට පැමිණි පසුව කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ගොවිජනතාව සමඟ අත්සන් කරන ගිවිසුම ඉලක්ක සහිතව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම කෘෂි කර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා අමාත්‍යාංශ ඒකාබද්ධ කර ගනිමින් ජාතික කෘෂිකර්ම ප්රතිපත්තියක්ද එළිදක්වන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැනීවීමේ අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොලොන්න, සිඩ්නි ජයරත්න යන මහත්වරුද සහභාගී වූහ.
